සෞභාග්‍යයමත් නිවසකට වාස්තු

🔅නිවස තුළින් උතුරු දිශාවේ වතුර මලක් තැබීම සුබයි.

🔅නිවසේ බ්‍රහ්ම පාදය එනම් හරි මැද බුදුන්ට හා දෙවියන්ට පහන් තැබීම කළ හැකිනම් ඉතා සුබයි.

🔅නිවස තුළ සහ පිටත සුදු පැහැති තීන්ත ආලේප කිරීම සුබයි.

🔅නිවසේ නැගෙනහිර දිශාවේ සරුවට වැඩුණු මල් ගසක් පෝච්චියක සිටුවා සාත්තු කරන්න.

🔅රුවල් නැවක පින්තූරයක් හෝ ආකෘතියක් සාලයේ තබන්න. (එළියේ සිට නිවස තුළට යන පරිදි. )

🔅නිවසේ නිරිත දිශාවේ අලංකාර අඹු සැමි පින්තූරයක් තබන්න.

🔅දැල්වෙන්නැති පහන් ආලෝක අක්‍රීයව පවතින ඉලෙක්ට්‍රික් උපාංග නිවසින් ඉවත් කරන්න.

🔅ඇඳන් දෙකක් එකට යාකර නිදා ගැනීම අසුභ වේ.

🔅ඇඳ ඇති රිලි කොට්ට උරවලට සුදු පැහැරෙදි තෝරාගන්න.

🔅නිවසේ අල්මාරිය නැගෙනහිර දිශාවට මුහුණලා තබන්න.

🔅කැඩුණු ඔරලෝසු නිවසින් ඉවත් කරන්න.

🔅නිවස ඉදිරිපිට සීනු සහිත මිහිරි ශබ්දයක් එන භාණ්ඩයක් එල්ලන්න.

🔅නිවස අතු ගාන විට නිවසේ සියලු කුණු ඉදිරිපස දොරෙන් එළියට නොදමන්න පිටුපස දොර දෙසට අතුගාන්න.

🔅නිවසේ ප්‍රධානය දොර ඉදිරිපිට සපත්තු සෙරෙප්පු රඳවනයන් නොතබන්න.

පාරම්පරික ජෝතිර්වේදී , වාස්තුවේදී ,දේශමාන්‍ය ,
අනූෂා කෝදාගොඩ