පොරොන්දම් ගැලපුනත් විවාහය නීරස වන්නේ ඇයි.???

කාර්යාලයට පැමිණෙන බහුතරයකට ඇතිවී ඇති ගැටලුවක් වන්නේ විවාහ වීමට පෙර පොරොන්දම් ගලපා විවාහ වුනත් පසු කාලීනව විවිධ ගැටලු වලට පත්වීමෙන් දෙදෙනා විරසක වීමය.

මොවුන් සමග කතා කිරීමෙන් අනතුරුව සියලු දෙනාම පාහේ කියනුයේ.

” අපි පොරොන්දම් බලල විවාහ වුණේ. ”

“යාළුවෙලා විවාහ වුනේ. ඒත් පොරොන්දම් බැලුවා හොඳටම ගැලපෙනව කිව්වා දරු පල තියනව කිව්වා. ඒත් තාම දරුවොනෑ.”

“අපි යාලු වෙලා විවාහ වෙන්න කලින් හොඳට සල්ලි වාහන තියාගෙන හිටියා. ඒත් දැන් එහෙම නෑනේ. දැන් අපිට කන්නවත් නෑ. ඉස්සර එයා එහෙම නෑ. ඒ වුනාට දැන් නපුරුයි බනිනවා. ගහනවා. යාළු උණු කාලේ හොඳයි බැන්දට පස්සේ වෙනස් වුණා. ”

මෙවැනි කතාවන් අඩුම දවසට කිහිපයක් වත් අසෙන නිසා මේ ගැන ලියන්න හිතුනා.

ඉතින් මෙයට හේතුව කුමක් විය හැකිද යන්න ඔවුන්ගේ කේන්ද්‍ර තුළින් ම පරීක්ෂාවට ලක් කලා.

මේ අතරින් බහුතරයක් විවාහ වෙන්න පෙර පොරොන්දම් බලා තිබුණත් ග්‍රහ පිහිටීම් හා විවාහ දෝෂ තත්ත්වයන් පරීක්ෂා කර නොතිබී තිබුණා.

තවත් සමහරු විවාහ වීමට යොදාගෙන තිබූ නැකත් දෝෂ සහිත වී තිබුණා. .. විශාල ප්‍රමාණයක් මෙම පොදු ගැටලු දෙකට මැදි වී තියන අතර ඔවුන් මෙම පරීක්ෂාවන් සහ සුභ නැකත් සඳහා ප්‍රවීණ ජෝතිර්වේදීන්ගේ උපදෙස් පිළිපැද තිබුණා.
නමුත් අවාසනාවට කරුණ නම් මොවුන් මෙම පරීක්ෂාවන් හරියාකාරව සිදු නොකිරීමයි. මෙයින්. වන හානිය සුළුපටුු නොවේ.
පවුල් දෙකක දරුවන් දෙදෙනෙක් නව නිවසක පදිංචි වී තම පවුල අලුතෙන් ආරම්භ කිරීමට නම් ඉතා උසස්ව මොවුන්ට සේවාව සැපයිය යුතුය. නොමැති නම් මෙම පවුල් දෙකම සහ අවසානයේ දරුවන්ටද දුක් විඳීමට සිදුවෙයි.

අපි දැන් බලමු හරියාකාරව පොරොන්දම් ග්‍රහ පිහිටීම් පරීක්ෂාවක් කරගන්නේ කොහොමදද කියලා.

මුලින්ම ඔබ යාළුවේ සිටින යුවළක් නම් විවාහයට ප්‍රථම පොරොන්දම් පමණක් බලා තීරණය නොකර ග්‍රහ පිහිටීම් පරීක්ෂාවද කරගත යුතුයි. මන්ද දෙදෙනාගේ චරිතවත් බව ගැලපේද සිතිවිලි ගැලපේද මිල මුදල් යානවාහන ආදියට සුභද දරු පළ ගැටලු ඇත්ද ලිංගික ජීවිතය යහපත්ද රණ්ඩු සරුවල් ඇතිවේද කොටින්ම කියනවා නම් දෙදෙනාට එක මඟක යා හැකිද යන්න බැලිය යුතුවේ.
තවද දෙදෙනා විවාහ වන්නේ කුමන දසා වලින්ද මෙම දසාවන් තුළ දෙදෙනාගේ තත්ත්වයන් විමසා බැලිය යුතුවේ. එමෙන්ම විවාහ දෝෂ තත්ත්වයන් ඇද්ද ඒවාට කළයුතු වත්පිළිවෙත් තිබේද යන්නද පරීක්ෂා කළ යුතුය.

එමෙන්ම ඔබ යෝජනාවකින් විවාහ වන්නට සිටිනවා නම් යෝජිත පුද්ගලයා තම පවුලට ගැලපුනද තත්ත්වයන්ට ගැලපුනද තමාගේ කේන්ද්‍රයට හොඳින් ගැලපේද යන්න පරීක්ෂා කර බැලිය යුතුය. අද බහුතරයක් දේපළ ඉඩකඩම් ඇති පුද්ගලයකු සොයා විවාහ වීමට ඉක්මන් වන අතර අඩුම ජන්ම පත්‍ර පරීක්ෂාවක්වත් හරි හැටි සිදුු නොකරයි. සාමාන්‍ය පොරොන්දම් පරීක්ෂාවෙන් පමණක් බලා විවාහ වෙයි. එලෙස විවාහ වීමෙන් ටික කාලයක් ගතවන විටම ගැටලු මතුවේ අවසානයේ විසඳුම් සොයන විටත් තමා ප්‍රමාද වී ඇති බව වැටහේ.

තව ද වැදගත්ම දෙයක් වන දෙදෙනාගේ නැකත් වලට සුභ වෙන නැකත් සාදා දෝෂ භංග වන නැකැත් වලින් විවාහ විය යුතුය.

මේ හේතූන් නිසා දෙදෙනෙක් විවාහ වීමට ප්‍රථම දෙදෙනා කොතරම් කල් ආශ්‍රය කළද පොරොන්දම් ගැලපුනද පමණක් බලා විවාහයකට නොයා පූර්ණ පොරොන්දම් හා ග්‍රහ පිහිටීම් පරීක්ෂාවක් සිදුකොට විවාහ වීම සුබයි අඩුමුදලට කලබලයට කරන විවාහ පරීක්ෂාවලට මුල් තැනන නොදී. හරියාකාරව පරීක්ෂා කරන ජෝතිර්වේදීන් ලවා තමන්ගේ කේන්ද්‍ර පරීක්ෂාව කර එමෙන්ම සියළු දෝෂ භංග වන නැකතක් අල්ලා විවාහ වීම සුබ වේ.

නොමැති නම් ඔබට කල් යත්ම විවිධ ගැටලු වලටමුහුණ පෑමට සිදුවන අතර ඔබේ විවාහයද නීරස තත්ත්වයට පත්වේ.
.
තෙරුවන් සරණයි!!! යහපතක්ම වේවා!!!

පාරම්පරික ජෝතිර්වේදී.
අනූෂා කෝදාගොඩ.