🌼සෙනසුරුගේ ඒරාශ්ටකය කියූ පමනින් නොදන්නා කෙනෙක් නොමැති අතර මේ සෙනසුරු ඒරාශ්ටකය ලබන ආකාරය හා නිවැරැදි වත්පිලිවෙත් නොදන්නා පිරිස බහුලයි.🌼
💥ප්‍රදාන සෙනසුරු ඒරාශ්ටකය 4කි.
🏵️ලග්න ඒරාශ්ටකය
🏵️ජන්ම ඒරාශ්ටකය
🏵️අශ්ඨම ඒරාශ්ටකය
🏵️චන්ද්‍රාශ්ඨම ඒරාශ්ටකය
🔆ලග්න ඒරාශ්ටකය සම්පූර්ණ වර්ශ 7 මාස 6කි. ලග්න ඒරාශ්ටකය ඇති වන්නේ උප්පත්ති ලග්නය මේශ යැයි සිතන්න.දැන් ශනි ගෝචර වන්නේ මීනයේ යැයි සිතන්න.එවිට මීන යනු මේශයට 12 වේ.එවිට මීනයේ වර්ශ 2මාස 6කාලයක් ගෝචර වේ.ලග්න ඒරාශ්ටකය 12 ක්‍රියත්මක වේ.ලගනයේ වර්ශ 2මාස 6 ගෝචර යකුත් 2වැන්නේ වර්ශ 2මාස 6 ගෝචර යකුත් වශයෙන් සම්පූර්ණ වර්ශ 7මාස 6 කාලයක් ජන්මියාට ඒරාශ්ටකය ලබා තිබේ.මෙම ලග්න ඒරාශ්ටකය සෑම වර්ශ 30ට වතාවක් ලබයි.එමෙන්ම සෑම අයෙකුට ම මෙම ලග්න ඒරාශ්ටකය අසුභ නොවෙයි.
🔆සෙනසුරු 12 වැන්නේ ගෝචර ය ජන්මියාට තරමක් වියදම් වැඩි කරයි.සතුරන්ගේ ගැටුලු ඇති කරයි.වැයවීම් වැඩි කරයි.ඇවිදිලි අධික වේ.වම් පාදයේ ගැටලු මතු වේ.එමෙන්ම 12 වැන්නේ පාපියෙකු සිටියොත් මෙම තත්ව ය වැඩි වේ.
🔆සෙනසුරු ලග්නයේ ගෝචර වන කාලයේදී ශරීරය දුර්වල වේ.චිත්ත පීඩා ඇති කරයි.සියලු දේට බාදා මතු වේ.
🔆සෙනසුරු දෙවැන්නේ ගෝචර වන කාලයේදී තැන්පත් ධනය වැය වේ.පවුලට දුක් පීඩා ඇති වේ.සතුට අහිමි වේ.ඇස් සම්බන්ධ රෝග දත් සම්බන්ධ රෝග සෑදේ.අඩදබර අවුල් වියවුල් ඇති වේ.පොදුවේ මෙම තත්වයන් ඇති වූවත් පාප සංයෝග පාප දුශ්ටි වලට ලක් වීමෙන් මෙම තත්වය වැඩි විය හැකිය.
⚜️ජන්ම ඒරාශ්ටකය සදු උප්පත්තියේ සිටින භාවයට ශනිගේ ගෝචර ය සිදු වීමයි.සදුගෙන් 12 වැන්නට ශනි ගෝචර ය ඒරාශ්ටකයේ පටන් ගැන්ම වේ.සදු සිටින භාවයට සහ සදුගෙන් දෙවැන්නට පැමිනීම සම්පූර්ණයෙන් වර්ශ 7 මාස 6කි.මෙය කවදා සිදුවේදැයි බැලිය හැක්කේ උප්පත්ති කේන්ද්‍රයේ සදු සිටින භාවය අනුවයි.පොදුවෙ ගත්කල ජන්ම ඒරාශ්ටකයේ අසුභපල වැඩිය.ගෙවාගැනීමට අපහසුම ඒරාශ්ටකය වන්නේද ජන්ම ඒරාශ්ටකය යි.ජන්මියාව නොමරා මරයි.ලෙඩ රෝග බහුල වීම, මව් පාර්ශවයට පීඩා ඇති වීම,චිත්ත පීඩා ඇති වීම කලකිරීම සියල්ල එපා වීම , වැනි තත්වයන් බොහෝ විට වැඩි වේ.සදු දුර්වල නම් මේ තත්වයන් වැඩි වේ.
🔶අශ්ටම ඒරාශ්ටකය වන්නේ ලග්නයෙන් 8 වැන්නට ශනි ගෝචර වීමයි.වර්ශ 2 මාස 6 කාලයක් ඒරාශ්ටකය වෙයි.8 වැන්න මාරක වීම මත මේ ඒරාශ්ටකයේ බලය වැඩි වේ.තවද සදු උප්පත්තියේ 8 සිටියොත් ජන්මියාට ඒරාශ්ටක 2ක් එකවිට යෙදේ.එය ජන්ම හා අශ්ටම වේ.එවිට ජන්මියාට විපත්ම ඇති කරයි.අශ්ටම ඒරාශ්ටකයේදී ජන්මියා නිතර රෝගී වෙයි.ගුප්ත අසනීප සාදයි.බෙහෙත් ශරීරය ට පත්තියම් නොවෙයි.අනවශ්‍ය වියදම් වැඩි වෙයි.මිල මුදල් අත නොරදයු.දුක් කම්කටොලු මැද ජීවත් වීමට සිදු වෙයි.
🔶එමෙන්ම චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටකය යනු උප්පත්ති කේන්ද්‍රයේ සදු සිටින භාවයෙන් 8 වැන්නේ ශනි ගෝචරයයි.මෙය වර්ශ 2 මාස 6 කාලයකි.මෙම කාලයේදී මව් පස දුර්වල වීම, චිත්ත පීඩා බහුල වීම අසනීප කරදර ඇති වීම සිදු විය හැකිය.
🔱දුකට අදිපති සෙනසුරුගෙන් යෙදෙන ඒරාශ්ටකය සැමටම එකලෙස බලනොපායි.දක්ශ ජෝතිර්වේදියකුට මෙය පහසුවෙන්ම හදුනාගත හැක.🔱
ප්‍රවීන ජෝතිර්වේදී, වාස්තුවේදී ,දේශමාන්‍ය
පාරම්පරික ජෝතිර්වේදී
🖋️ අනූෂා කෝදාගොඩ