අපල කාලය හදුනා ගනිමු

ජන්ම පත්‍රය පරීක්ශා කරන බහුතරයක් අතරින් වැඩි දෙනෙකු තම ජන්ම පත්‍රය පරීක්ශා කරගන්නේ තමාට හෝ තම පවුලේ අයට කරදරයක් සිදුවූ විටයි.නමුත් නිවැරැදි ක්‍රමය එය නොවේ.කරදරයක් විපතක් ඒමට ප්‍රථම හදහන පරීක්ශාකර ගත යුතුය.මන්ද උප්පත්තිය ලබන සෑම අයෙකුට තමාගේ අපල කාල සීමාව සපල කාල සීමාව ට වඩා වැඩිවේ.
අපල යනු, තමා පෙර සංසාරේ කරන ලද අකුසල් එනම් පව් පලදීමයි. සපල කාලය යනු තමාගේ පෙර කුසල් එනම් පින් පලදීමයි.පිනට වඩා පව ඉතාමත් වැඩි වේ.උප්පත්තිය ලබන සෑම අයෙක්ම පින අඩු පව වැඩි පුද්ගලයන් ය.එම නිසා කෙනෙකුට අපල කාලය වැඩි වේ.ආයු කාලය වර්ශ 120 සේ ගත්කල වැඩි ප්‍රමානයක් අපල කාලයට අයත්වෙ.මන්ද වර්ශ 30 වතාවක් ලබන ලග්න ඒරාශ්ටකය වර්ශ 7 මාස 6 කාලයක්ම පවතී.ඒ අතර එම දශාවද සිකුරු උවහොත් එම සිකුරු 8 අදිපති උවහොත් වර්ශ 20 කාලයකි.එනම් වැඩි ප්‍රමානක් අපල කාලය වෙන බව පැහැදිලි වේ.
ජන්ම පත්‍රය පරීක්ශා කරගැනීම සදහා ඔබ ජෝතිර්වේදීකු හමුවූ විට ඔබට පවසන්නේ ඔබගේ අපලයක් යන කාලයක් බවයි.සාමාන්‍ය ජනයා අපල කියූ විට දන්නේ ශනි ඒරාශ්ටකය හා රාහු අපලය පමනි.නමුත් අපල වර්ග රාශියක් ඇත.ජන්ම පත්‍රය පරීක්ශාවකදී තමා ට හානි කරන අපලය තමා හොදින් දැන සිටිය යුතුය.එවිට ඔබ අනේ මට හැමදාම අපල කියා මැසිවිලි නගන ගතිය අඩු වේ.නොදන්නා කමට ඔබ ඔබට විතරක් මේ අපල කිය මැසිවිලි නගයි.හොදින් තේරුම් ගතයුතු දේ නම් තමාට පමනක් මේ අපල ක්‍රියත්මක නොවෙ.සැමට පොදු දෙයකි මේ අපල කාලය.

අපල කාලය හදුනා ගනිමු

🌼 ඒරාශ්ටකයක අපලය(ලග්න ,ජන්ම ,අශ්ට්ම,චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටකය)

🌼 22 වෙනි දෙර්කානාදිපතිගේ මහ දශාව,අතුරු දශාව

🌼64 වෙනි නවාංශකාදිපතිගේ මහ දශාව ,අතුරු දශාව

🌼ජන්ම කේන්ද්‍රයේ 6,8,12අදිප්පතිගේ දශා කාලය

🌼සදුගෙන් 6,8,12 අදිපති ගේ දශා කාලය

🌼6,8,12 වැන්නේ සිටි ග්‍රහයාගේ දශාව

🌼16 වන දෙර්කානාදිපතිගේ දශාව

🌼විපත් දශාවන්ගේ කාලය

🌼2 අදිපතිගේ මහ දශාව හා අතුරු දශාව

🌼7 අදිපති ගේ මහ දශාව හා අතුරු දශාව.

🌼උපපත්ති කේන්ද්‍රයේ 2,7 සිටින ග්‍රහයා ගේ දශා කාලය.

🌼බාධක රාශි අදිපතියාගේ දශා කාලය.

🌼බාධක රාශි යේ සිටි ග්‍රහයා ගේ දශා කාලය.

🌼සදු මහ දශාව තිබියදී ශනි 8 වැන්නේ ගමන් කරන කාලය

🌼රවි දශාව තිබියදී ශනි 10 වැන්නේ ගමන් කරන කාලය

🌼කුජ දශාව තිබියදී ශනි 7 වැන්නේ ගමන් කරන කාලය.

♦️ අශ්ට මන්දේ දශා චන්ද්‍රෝ
දස මන්දේ දිවාකරෝ
සප්ත මන්දේ මහී පුත්‍රෝ
ඒවම් ප්‍රාන විනාසනම්♦️

🌼ලබා ඇති දශාඅදිපති සිටි රාශිය හරහා පාපියෙකු ගෝචර වන කාලය

🌼රවි සිටින රාශි ය මතට දශා අදිපති පැමිනි කාලය

🌼මහ දශා අදිපති ට සතුරු අතුරු දශාවක් පැමිනි කාලය

🌼පාපී මහ දශාවකදී එම පාපියා කේන්ද්‍රස්තානයක් හරහා ගමන් කරන කාලය

🌼නීච සතුරු ග්‍රහයා ගේ දශා කාලය

🌼දශා අදිපති යාට අයත් රාශියට පාපී ග්‍රහයෙකු ගෝචර වන කාලය

එමෙන්ම අපල බිදෙන අවස්තාවක් වන්නේ බලවත් ගුරුගේ ගෝචරයයි. එමෙන්ම පුද්ගලයාගේ 1,5,9 සිටින හා අදිපතිගේ දශා කාලයේදී ජන්මියාගේ පෙර පින් ශක්තිය මතු වේ.සපල කාලය වන්නේ එම කාලයයි.අපල කාලයේදී උවත් අවබෝධයක් අතිව ශාන්තිකර්ම සිදු කිරීම මගින් සපල කාලයක් බවට පත් කරගත හැකිය.

අප ආයතනය මගින් ඔබට ලබා ගත හැකි සේවාවන්,

💥දේශීය විදේශීය කේන්ද්‍ර පරීක්ශාව
💥කේන්ද්‍ර සෑදීම
💥 දරුවන්ට නම් තැබීම
💥 ව්‍යාපාර සදහා නම් තැබීම
💥 පොරොන්දම් පරීක්ශාව
💥මංගල නැකත් පත්‍ර සෑදීම
💥සියලුම නැකත් සෑදීම
💥නිවාස සැලසුම් හා වාස්තු දෝශ පරීක්ෂාව
💥සෙත් කවි සෑදීම
සියලුම ග්‍රහ අපල සදහා යන්ත්‍ර දැමීම.
💥දෙහි කැපීම.
💥පුද්ගල ආරක්ශා හා නිවාස ආරක්ශා
💥ග්‍රහ අපල සහ ආකර්ශණ සදහා මැණික් පැලදවීම
💥සෙත් ශාන්තිකර්ම සිදු කිරීම
💥අමුනුශ්‍ය දෝශ ඉවත් කිරීම
💥ඉනා බන්ධන ඉවත් කිරීම
ආදී සියලු දෑ සිදු කරනු ලැබේ.

පාරම්පරික ජෝතිර්වේදී
🖊️ අනූෂා කෝදාගොඩ